ගාල්ලේ 50 වැනි ටෙස්ට් සටන හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
14 August 2026
ගාල්ලේ 50 වැනි ටෙස්ට් සටන හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
14 August 2026
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි.
දඟ පන්දු යවන්නන්ට හිතකර බවට නම් ලද මෙම ක්‍රීඩාංගණයේ ප්‍රථම ටෙස්ට් තරගය 1998 වසරේ පවත්වා ඇති අතර මෙහි ජය-පරාජයෙන් තොරව අවසන්ව ඇත්තේ තරග 7ක් පමණි. එසේම මෙම වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයද මෙය වේ. ඉන්දියාව සමග අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ වන අතර එය ඉන්දීය කණ්ඩායම ලකුණු 304කින් ජයග්‍රහණය කර ඇත.
හෙට පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශල්‍යකර්මයකට බඳුන්වීමත් සමග බොහෝදුරට නිෂාන් මධුෂ්ක සහ ලහිරු උදාර ආරම්භක පිතිකරණ වගකීම දරනු ඇත. මේ වන විට ආබාධයකට ලක්ව සිටීන කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෙනුවට සංචිතයට එක්ව සිටින නිරෝෂන් දික්වැල්ලට එහි වගකීම හිමිවනු ඇත.
පළමු තරගය ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම:
නිෂාන් මධුෂ්ක, ලහිරු උදාර, දිනේශ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සොනාල් දිනූෂ/රමේශ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, කේෂර නුවන්ත, විශ්ව ප්‍රනාන්දු

