අවුරුදු 20 - 24 තරුණ තරුණියන් අතර HIV ව්‍යාප්තිය ඉහළට
26 November 2026
අවුරුදු 20 - 24 තරුණ තරුණියන් අතර HIV ව්‍යාප්තිය ඉහළට
26 November 2026
වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණ තරුණියන් අතර HIV ආසාදිතයින් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසයි.
මෙම වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයෙන් නව HIV ආසාදිතයින් 88 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම පිරිසෙන් 78 දෙනෙකුම වයස අවුරුදු 20ත් 24ත් අතර පසුවන්නන් බව එම ඒකකය සඳහන් කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය,
"දැන් මේ අවුරුද්දේ තුන්වන කාර්තුව අවසන් වෙලා තියෙනවා. තුන්වන කාර්තුව අවසන් වනවිට HIV නව රෝගීන් 708ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. 1987 දී පළමු HIV රෝගියා වාර්තා වූ කාලය එක්ක බලනකොට අපි වාර්ෂිකව අලුතින් රෝගීන් හඳුනා ගන්නවා. 2026 තුන්වන කාර්තුව අවසන් වෙද්දි 8,111ක් හඳුනා ගෙන තියෙනවා. 2026 කාර්තු තුන ගත්තොත් අපිට දැනට මේ වනවිට 15 - 24 කාණ්ඩයේ රෝගීන් 88 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. ඉන් 78 දෙදෙනෙකුම අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණයි."


