ජාත්‍යන්තර ආයෝජන අඩුවීමත් සමඟ රන් මිල තවදුරටත් පහළ බසී
29 November 2026
ජාත්‍යන්තර ආයෝජන අඩුවීමත් සමඟ රන් මිල තවදුරටත් පහළ බසී
29 November 2026
ජාත්‍යන්තර ආයෝජකයින් මෙම මාසය තුළ රන් සඳහා වන සිය ආයෝජන සැලකිය යුතු මට්ටමකින් අඩු කර තිබීම හේතුවෙන් රන් මිල තවදුරටත් පහළ බසිමින් පවතින බව වාර්තා වේ.
2027 වර්ෂයේ රන් මිල තීරණය කිරීම සඳහා ගෝලීය ආර්ථික වෙනස්වීම්, ඇමරිකානු ඩොලරයේ අගය මෙන්ම මහ බැංකු විසින් සිදු කරන රන් මිලදී ගැනීම් ප්‍රධාන සාධක ලෙස බලපෑ හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව තිබේ. එමෙන්ම 2027 වසර අවසන් වන විට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,650ක් දක්වා ඉහළ යා හැකි බවටද අනාවැකි පළ වී ඇත.
ඒ අනුව රන් මිල තවදුරටත් පහත වැටීමේ ඉඩකඩක් පැවතියද, එය නැවත ඉහළ යාමේ හැකියාවක්ද පවතින බැවින් මිල තවත් අඩුවන තෙක් බලා නොසිට මේ අවස්ථාවේදීම රන් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය පියවරක් වනු ඇති බව සඳහන් වේ. විවිධ හේතූන් මත රන් මිල අඛණ්ඩව පහත වැටෙමින් පවතින මෙම තත්ත්වය ආයෝජකයින් මවිතයට පත් කිරීමටද සමත්ව ඇත.
රන් අවුන්සයක් රු. 1,203,005.00 ක් වේ.
රන් කැරට් 24 - ග්‍රෑම් 1 රු. 42,440.00 ක් වේ.
රන් කැරට් 24 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 339,500.00 ක් වේ.
රන් කැරට් 22 - ග්‍රෑම් 1 රු. 38,910.00 ක් වේ.
රන් කැරට් 22 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 311,250.00 ක් වේ.
රන් කැරට් 21 - ග්‍රෑම් 1 රු. 37,140.00 ක් වේ.
රන් කැරට් 21 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 297,100.00 ක් වේ.
මෙම මිල ගණන් නිතර වෙනස් වන බැවින් මිලදී ගැනීමට පෙර යළිත් වෙළඳපොළ මිල ගණන් පරීක්ෂා කර බැලීම සුදුසු බව වැඩිදුරටත් දැක්වේ.


