දක්ෂිණ අධිවේගයේ අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට
22 October 2026
දක්ෂිණ අධිවේගයේ අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට
22 October 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අනුපාලක ස්ථාන මායිමේදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (21) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.6 කිලෝමීටර් කණුව ආසන්නයේදී, මත්තල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියදුරුට නින්දයාම හේතුවෙන්, ඉදිරියෙන් එම දිශාවටම ගමන් කරමින් තිබූ ලොරි රථයක පසුපස එය ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු සහ එහි වම්පස ඉදිරි අසුනේ ගමන් කළ ඔහුගේ මව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී කාන්තාව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කතරගම ප්රදේශයේ පදිංචි 65 හැදීදි හැවිරිදි මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව අධිවේගී අනුපාලක ස්ථානය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

