22වන සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි
23 August 2026
22වන සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි
23 August 2026
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි.
පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවය.
ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඉලංකෛ තමිළ් අරසු කච්චි වැඩිදුරටත් ඉල්ලා සිටියි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.
එමඟින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට නියමිතය.

