brand logo
logo
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට හියුමන් රයිට් වොච් විරෝධය

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට හියුමන් රයිට් වොච් විරෝධය

29 October 2026


සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පැදීමේ අවදානමක් පවතින බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව හෝ අපරාධ ක්‍රියාවක් සිදුකළ බවට සාක්ෂි නොමැතිව පුද්ගලයින් දිගු කාලයක් රඳවා තබාගැනීමට ඉඩ සැලසෙනු ඇති බවය.


පොලීසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණ මත පදනම්ව දඞුවම් නියම කිරිමට ඉඩදීම තුළින් වඳහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බව හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ප්‍රකාශ කර තිබේ.


මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මීට පෙර ක්‍රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මගින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

More News..