brand logo
logo

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ආයතනික සේවකයන් හට සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභවය උනන්දු කරවයි

17 August 2020

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් විසින් සංවිධානය කරන්නා වූ ‘Healthy Cook-Off’නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙල කිරීමේ තරගය සඳහා ඉදිරිපත් වීමට මෙරට සියලු ආයතන සඳහා ද දැන් අවස්ථාව විවෘත කර ඇත. AIA ඉන්ෂුවරන්ස් හි කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගීත්වයෙන් නොබෝදා පැවති මෙහි මූලික තරගය ඉතා සාර්ථකව පැවැත්විණි. COVID අර්බුදයේ ආරම්භයට දින කිහිපයකට පෙර HealthRecon Connect සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පවත්වන ලද Cook-Off තරගය සඳහා සූපවේදීන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් 10 ක් තරග කරන ලදී. ඔවුන් වඩාත් පෝෂ්‍යදායී මෙන්ම නැවුම් වූ ආහාර වේල් කිහිපයක් පිළියෙල කරන ලද අතර කීර්තිමත් දේශීය සූපවේදිනියක් වන චතුරිකා අනුරාධා මහත්මිය විසින් මෙම තරගය විනිශ්චය කරන ලද අතර ජයග්‍රාහී කණ්ඩායම් විසින් වටිනා ත්‍යාග වවුචර දිනා ගන්නා ලදී. මෙම තරඟයේ අරමුණ වූයේ කාර්යමණ්ඩල සාමාජිකයන්හට පෝෂ්‍යදායී මෙන්ම නැවුම් සහ සමබර ආහාර අනුභවය උනන්දු කරවීමයි. HealthRecon සහ AIA ඉන්ෂුවරන්ස් හි සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් සිදුකෙරුනේ සේවකයන් කෙතරම් කාර්යබහුල වුවද ඔවුනට සෞඛ්‍ය සම්පන්න මෙන්ම රසවත් ආහාර වේලක් පිළියෙල කරගැනීමේ විවිධ ක්‍රම ඇති බව තහවුරු කිරීමටයි. AIA ඉන්ෂුවරන්ස් හි අලෙවි ප්‍රධානී ශේවන්ති ද අල්විස් කියා සිටියේ “අප සංවිධානය කළ වඩාත් සෞඛ්‍ය සම්පන්න රැකියා ස්ථාන පිළිබඳ සමීක්ෂණයේ දී අනාවරණය වූ කරුණක් වූයේ ශ්‍රී ලාංකික ආයතනයන් තුළ කාර්ය මණ්ඩල සාමාජිකයන් හරියාකාර පෝෂ්‍යදායී ආහාර වේලක් කෑමට නොගන්නා බවයි. 2019 වසරේ ආයතන 47ක් මෙම සමීක්ෂණයට සහභාගී වූ අතර එම ආයතනයන් හී සේවකයන් 2,137ත් දෙනකුගේ ප්‍රතිචාරවලට අනුව අනාවරණය වූයේ ඔවුන්ගෙන් 89%ක්ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නොගන්නා බවයි. මෙමගින් සමස්තයක් ලෙස හඳුනා ගැනුණේ 100%ක්ම සේවකයන් කිසියම් හෝ පෝෂණ ඌනතාවයකින් ද පෙළෙන බවයි. මෙම ප්‍රතිඵල නිර්ණය කරනු ලැබුවේ ඔවුන් අහාරයට ගන්නා, පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ ඔවුනගේ ආහාර තුළ අඩංගු ලුණු ප්‍රමාණයට අනුවයි. උදාහරණයක් ලෙස බොහොමයක් සේවකයන් ඇති පමණ පලතුරු සහ එළවලු ආහාරයට නොගන්නා බවත් ඔවුනගේ අාහාර තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ලුණු අඩංගු වූ බවත් අනාවරණය විය. මෙම තරග සංවිධානය කිරීම මගින් සේවකයන්හට පෝෂ්‍යදායී ආහාර වේලක් කෙටි කාලයක් තුළ දී පිළියෙල කරගැනීමේ මග කියාදුන් අතර මෙම වැඩසටහන සඳහා සහාභාගී වීමට HealthRecon Connect ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන් බලවත් උනන්දුවක් දැක්වීම සතුටට කරුණක් විය. HealthRecon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩේන්වර් ප්‍රනාන්දු මහතා කියා සිටියේ “අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් මෙවන් වැඩසටහනක් පැවැත්වූ ප්‍රථම වතාව මෙයයි. මේ ඔස්සේ ජීවන ක්‍රමයේ සෞඛ්‍ය සම්පන්න වෙනසක ඇති වැදගත්කම පිළිබඳ විශ්වාසය ඇති කරමින් ඉතා සාර්ථක ලෙස ඔවුන්ව ඒ සඳහා යොමු කරනු ලැබුවා. කණ්ඩායම් හැඟීමෙන් යුතුව මහත් විනෝදයෙන් සහ සතුටින් ක්‍රියාත්මක වූ අප සේවකයන්හට තරගය සඳහා නිර්මාණාත්මකව ඔවුන්ගේ ආහාර වේල් පිළියෙල කිරීමට අවස්ථාව ලැබුණා. ඉතාමත් අගනා මෙන්ම කාලීනව වැදගත් කමක් ඇති වැඩසටහනක්. මා මගේ හදපිරි ස්තුතිය AIA වෙත පුද කර සිටිනවා.”
 

More News..