A/L ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් මෙන්න
08 January 2021
A/L ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් මෙන්න
08 January 2021
2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයෙහි සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතුය.
නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
මේ සම්බන්ධයෙන් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් විමසිය හැකිය.

- පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112 781208 / 0112784537 / 0113140314
- ක්ෂණික ඇමතුම් - 1911
