2021 එළියට එන අලුත් කාර් සෙට් එක මෙන්න
15 January 2021
2021 එළියට එන අලුත් කාර් සෙට් එක මෙන්න
15 January 2021
ඇඳුම් පැලඳුම්, ආහාරපාන, ගෙවල් දොරවල් මෙන්ම මෝටර් රථත් අපේ ජීවිතය හැඩ කරයි. මෝටර් රථයක් මිලදී ගැනීමේදී එහි මිල, වර්ගය, මාදිලිය, පැහැය, විශේෂ අංගෝපාංග ආදී බොහෝ දේ ගැන සැලකිලිමත් වන්නට වැඩි පිරිසක් නැඹුරු වන්නේ එනිසයි. මෙහි දැක්වෙන්නේ 2021 වසර ආරම්භයේදී ලොව ඇති මිලෙන් අධිකම මෝටර් රථ පිළිබඳවයි. අලුත් අවුරුද්දේ ජීවිතය හැඩ කරගන්න වෙහෙස වන ඔබට ලොව පවතින සුඛෝපභෝගී මෝටර් රථ ගැන අධ්‍යයනයක යෙදෙන්නට මේ කෙටි විස්තරය පදනමක් වනු ඇත.
මෙය පගානි නමැති ඉතාලි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ලද්දකි. රථයක වටිනාකම ඇමරිකා ඩොලර් 17,600,000ක් පමණ වේ. මීම් මාදිලියේ මෝටර් රථ තුනක් පමණක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ.
Mercedes AMG One මාදිලියට අයත් මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මර්සිඩීස් සමාගමයි. මෙම මෝටර් රථ මාදිලිය නිර්මාණය කිරීමට අවශ්‍ය සංකල්පය ගොඩනැගුණේ 2017 වසරේදී යැයි සඳහන් වේ. එසේ වුවත් මෝටර් රථය නිෂ්පාදනය කෙරුණේ 2020 වසරේදීය. Mercedes AMG One මෝටර් රථයකට පැයට කිලෝමීටර 350ක් පමණ උඅපරිම වේගයෙන් ගමන් කරන්නට හැකියාව ඇත. මෙම මාදිලියෙන් මෝටර් රථ 275ක් පමණක් නිෂ්පාදනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 2.72ක් පමණ වේ.
බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන බෙන්ට්ලි මෝටර්ස් සමාගම නිර්මාණය කර ඇති මේ මෝටර් රථ මාදිලිය සුඛෝපභෝගී වාහන මාදිලියකි. මේ වර්ගයේ මෝටර් රථයකට පැයට කිලෝමීටර 330ක පමණ උපරිම වේගයකින් ගමන් කළ හැකිය. Bentley Flying Spur Speed මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් දෙලක්ෂ පහළොස් දහසක් පමණ වේ.
Maserati MC20 නමැති මේ රථය නිෂ්පාදනය කර තිබෙන්නේ ඉතාලියේ මෙසරාටි සමාගමයි. ස්පෝර්ට්ස් වර්ගයට අයත් මෝටර් රථය පළමුවෙන්ම එළි දැක්වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය. දොර දෙකකින් සමන්විත Maserati MC20 මෝටර් රථය ආසන දෙකකින්ද යුක්තය. මෝටර් රථයකට පැයට සැතපුම් 200ක පමණ වේගයෙන් ගමන් කළ හැකිය. දැනට මෙම මෝටර් රථ මාදිලිය නිර්මාණය කර තිබෙන්නේ ඉන්ධන මඟින් ධාවනය කරවීම සඳහායි. විද්‍යුත් බලයෙන් ධාවනය වන Maserati MC20 මෝටර් රථ ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට මෙසරාටි සමාගම බලාපොරොත්තු වේ. මෙකී මාදිලියට අයත් මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ.
එක්සත් රාජධානියේ ඇස්ටන් මාර්ටින් සමාගම රෙඩ් බුල් රේසින්ග් ටීම් සමග එක්ව නිර්මාණය කරන ලද Aston Martin Valhalla මෝටර් රථයේ 2021 මාදිලිය ගැන වැඩිමනත් තොරතුරු තවමත් වාර්තා නොවේ. එසේ වූවත් මේ වර්ගයේ මෝටර් රථ 500ක් පමණක් නිෂ්පාදනය කරන්නට නිෂ්පාදකයන් සැලසුම් කර ඇත. Aston Martin Valhalla 2021 මෝටර් රථයක් ඇමරිකා ඩොලර් 1,300,000ක් පමණ වේ.
ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 380ක පමණ උපරිම වේගයකින් ගමන් කරන්නකි. මෝටර් රථයේ පැහැය නිල් සහ කළු වර්ණ මිශ්‍රණයකි. මෙම මෝටර් රථ මාදිලියෙන් රථ 40ක් පමණක් නිෂ්පාදනය කර අලෙවි කර ඇති බව දැක් වේ. රථයක මිල ඇමරිකා ඩොලර් 6,000,000 පමණ වේ.
Koenigsegg Automotive AB නමැති ස්වීඩන් මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 531ක් පමණ වේ. 2021 වසරේදී පරිහරණයට එකතු කෙරෙන මෝටර් රථ අතර වේගවත්ම මෝටර් රථයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන.
ඉතාලියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ෆෙරාරි සමාගම මෙම මෝටර් රථ මාදිලිය නිෂ්පාදනය කර තිබේ. එය විද්‍යුත් බලයෙන් ධාවනය කරවිය හැකිය. ස්පෝර්ට් වර්ගයට අයත් මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර 340ක වේගයෙන් ගමන් කරන්නට පුළුවන. මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් 625,000ක් පමණ වේ.
Rolls Royce Ghost වාහන ඛණ්ඩය නිර්මාණය කරන්නේ බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන රෝල්ස් - රොයිස් මෝටර් රථ නිෂ්පාදන සමාගමයි. එම ඛණ්ඩයට අයත් 2020 මාදිලිය නවතම මාදිලියයි. මෙම මෝටර් රථයත් විද්‍යුත් බලයෙන් ධාවනය වන එකකි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර 249ක් පමණ වේ. මෙම මාදිලියට අයත් මෝටර් රථයකට ඉතා ප්‍රබල කැමරා පද්ධතියක් සවිකර තිබේ. මෝටර් රථය පිළිබඳ විස්තර පළමුවෙන්ම එළි දක්වන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. මෙම මාදිලියට අයත් මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් 315 000ක් පමණ වේ.
එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ඇස්ටන් මාර්ටින් ලගොන්ඩා සමාගම නිර්මාණය කර ඇති මෙම මෝටර් රථය විද්‍යුත් බලයෙන් ධාවනය වේ. මෙම මාදිලියේ මෝටර් රථ වෙළඳපොළට පැමිණෙනු ඇත්තේ 2022දී පමණය. මේ වර්ගයේ මෝටර් රථයක මිල ඇමරිකා ඩොලර් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව සඳහන් වේ.
ඇමරිකා ඩොලර් 9,000,000කට මිල නියම කර ඇති මෙම මෝටර් රථය තවමත් අලෙවිය සඳහා තබා නැත. මෙම මාදිලියෙන් මෝටර් රථ 10ක් පමණක් නිෂ්පාදනය කිරීමට ප්‍රංශයේ බුගාටි සමාගම සැලසුම් කර ඇත. පැයට කිලෝමීටර 379ක උපරිම වේගයෙන් මේ වර්ගයේ රථයක් ධාවනය කරවිය හැකිය.
ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 483ක පමණ වේගයෙන් ගමන් කරවිය හැකි එකකි. මේ වර්ගයට අයත් මෝටර් රථ 30ක් පමණක් නිෂ්පාදනය අර අලෙවි කර ඇති බව සඳහන් වේ. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් 5,740,000ක් පමණ වේ.
ඉයන් ගෝර්ඩන් මුරේ නිර්මාණය කරන ලද මෙම මෝටර් රථය නිෂ්පාදනය කරන්නේ ගෝර්ඩන් මුරේ ඔටෝමෝටිව් සමාගමයි. මෝටර් රථය පැයට කිලෝමීටර 354ක වේගයෙන් උපරිම වේගයෙන් ධාවනය කරවිය හැකිය. මෝටර් රථයක වටිනාකම ඇමරිකා ඩොලර් තිස් ලක්ෂ අසූ දහසක් පමණ වේ.
ප්‍රංශයේ බුගාටි මෝටර් රථ නිෂ්පාදන සමාගම මේ මාදිලියට අයත් එක් මෝටර් රථයක් පමණක් නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ. පැයට කිලෝමීටර 420ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැකි මෙම මෝටර් රථයේ මිල ඇමරිකා ඩොලර් 18,700,000 පමණ විණ.
Pagani Zonda HP Barchetta

Mercedes AMG One

Bentley Flying Spur Speed

Maserati MC20

Aston Martin Valhalla

Bugatti Divo

Koenigsegg Jesko

Ferrari SF90 Stradale

Rolls Royce Ghost

Aston Martin Lagonda EV

Bugatti Centodieci

Bugatti Chiron Super Sport 300+

Gordon Murray T.50

Bugatti La Voiture Noire
