brand logo
logo
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවූවන් 34දෙනා මෙන්න

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවූවන් 34දෙනා මෙන්න

06 July 2026 | එෆ්.අස්ලම්, නයෝමි කරුණාසිංහ, රේමන් අපොන්සු - මීගමුව

මීගමුව බන්ධනාගාරය ඊයේ දහවල සිට රාත්‍රිය වනතුරුම යුද පිටියක් බවට පත්ව තිබුණේ එහි රැඳවූවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමගය. මෙය වැලිකඩ, මහර බන්ධනාගාර තුළ පසුගිය කාලයේ ඇතිවූ කැරලි යළී සිහිපත් කළ කැරැල්ලක් බවට පත්ව තිබුණේ බන්ධනාගාර රැඳවූවන් දෙදෙනකු මියගොස් තවත් තිස් හතර දෙනකු තුවාල ලැබීමත් සමගය. මුළු මිගමුව බන්ධනාගාරයම ලෙයින් තෙත් කළ මේ කැරැල්ල මැඩලීමට ඊයේ රාත්‍රිය වනතෙක්ම බන්ධනාගාර නිලධාරීන් උත්සහා දැරූ අතර ඒ සඳහා පොලිස් බලඇණි සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද කැඳවීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබුණි.


මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ 05 වෙනිදින පස්වරු දෙකට පමණ රැඳවූවන් අතර ගැටුමක් ඇති වී පසුව එය කැරැල්ලක් දක්වා දුරදිග ගොස් ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබූවන් 34 දෙනෙකු අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල කරා මාරු කර යවා තිබේ.


මෙම ගැටුමෙන් මියගිය රැඳවූවන් දෙදෙනාගේ මළ සිරුරු බන්ධනාගාර නිලධාරින් විසින් බන්ධනාගාර බසයෙන්ම මීගමුව රෝහල කරා ගෙන ගොස් තිබුණි.


මීගමුව බන්ධනාගාරය තුළ 1500ක පමණ රැඳවූවන් පිරිසකට පහසුකම් තිබෙන නමුත් දැනට 2800 ක පමණ පිරිසක් එහි නේවාසිකව සිටිනා බැවින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ විට තත්ත්වය පාලනය කිරීමට ඉතා අපහසු වී තිබිණි.


මෙම බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන අතර ජෑමර් සවි කර තිබීම මත බන්ධනාගාරයේ හෝ අවට කලාපයේ දුරකතන සබඳතාද ඇණ හිට ඇත. එවැනි පසුබිමක මෙම බන්ධනාගාරයේ මැර ආධිපත්‍ය, මත්ද්‍රව්‍ය භාවිතය, විවිධ අපරාධ වලට සම්බන්ධ කණ්ඩායමක් ගැනද බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන් දැඩි අවධානයෙන් පසුව ඇත.


අපරාධකරුවකු වන සුරේෂ් නමැත්තා විසින් බන්ධනාගාරය තුළ ආධිපත්‍යක් නිර්මාණය කරගනිමින් ප්‍රචණ්ඩකාරී අන්දමින් හැසිරෙන බවටද බන්ධනාගාර නිලධාරින්ට රැඳවූවන් මාර්ගයෙන්ම තොරතුරු ලැබී තිබේ.


මෙවැනි පසුබිමක මෙම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස නව නිලධාරියෙකු මීට දින කිහිපයකට පෙර පැමිණ ඇති අතර එම නිලධාරියා උපදෙස් දී ඇත්තේ මෙම බන්ධනාගාරයේ රැඳවූවන් වෙනත් වාට්ටු වෙත මාරු කර යවන ලෙසය.


එම තීරණය මත බන්ධනාගාරයේ ආධිපත්‍යක් නතු කරගෙන සිටින රැඳවූවන් පිරිස බන්ධනාගාර නිලධාරින්ට තොරතුරු ලබාදෙන ඔත්තු ලබාදෙන පිරිස් යැයි සැකකරන රැඳවූවන් පිරිසකට පහරදීමත් සමග රැඳවූවන් දෙපිරිසක් අතර වූ ආරවුල මහා කැරැල්ලක් දක්වා වර්ධනය වී ඇත.


ප්‍රථමයෙන්ම ආරවුල ඇතිකරගත් රැඳවූවන් පිරිස බන්ධනාගාරයේ විනය අංශයේ අගුළු බිද එහි දේපළ වලටද හානි කරමින් පසුව බන්ධනාගාරයේ සියලුම වාට්ටු වල අගුළු බිඳිමින් රැඳවූවන්ට පහර දී ඇතැයිද බන්ධනාගාර ආරංචිමාර්ග කියා සිටියි.


බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි ඇති තියුණු ආයුධ, ලී ආදිය ද මොවුන් අතට ගනිමින් රැඳවූවන්ට පහරදී තිබෙන බවද තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරයේ අභ්‍යන්තරව සිටි නිලධාරීන්ට නොහැකි වී ඇති බවද එම ආරංචිමාර්ග කියා සිටියි.


පසුව කැරලි ගැසූ රැඳවූවන් බන්ධනාගාරයේ ඖෂධහලද බිඳ එහි තිබූ සියලුම වර්ගයේ වේදනා නාශක පෙති අධි මාත්‍රාවලින් ලබාගෙන ඇති බවත් එලෙස අධික ලෙස මත්වූ රැඳවූවන් බොහෝ දෙනෙකු බන්ධනාගාරය තුළ තැන් තැන් වල වැටී සිටිනු දක්නට ලැබී ඇත.


එලෙසම රැඳවූවන් කණ්ඩායමක් බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කරමින් එහි වහලය මත නැග සිටි බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවූවන්ද වහලය මත එහා මෙහා ඇවිදිමින් විරෝධතාවය පලකරන ආකාරයද දක්නට ලැබිණි.


විරෝධතාවයේ නිරත එක් කාන්තා රැඳවූවකු තමන් පැලඳ සිටි කාන්තා යට ඇඳුමක් ගලවාගෙන බන්ධනාගාර නිලධාරින්ට විරෝධය පලකරන අයුරුද දක්නට ලැබිණි.


මේ විරෝධතාවයේ නිරත කාන්තා රැඳවූවන් කී කතාවය.


සර්. මේකෙ ඩෙංගු හැදිලා 40 ක් විතර ඇතුළේ තැන් තැන් වල වැටිලා ඉන්නවා. පැනඩෝල් දෙකක් විතරයි දෙන්නේ. කිසිම පහසුකමක් නැහැ. ඒකයි අපි වහලයට නැග්ගේ.


කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ මෙය බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් පිරිසක් කල් ඇතිව සැලසුම් සහගත අන්දමින් ඇතිකළ කැරැල්ලක් බවය. මෙයට කාන්තා අංශයද සම්බන්ධ කරගෙන ඇති බවය.


මේ අතර කැරැලිකාර තත්ත්වයත් සමග රැඳවූවන්ගේ ඥාතීන් බන්ධනාගාර අසලට රැස්ව තම රැඳවූවාගේ තත්ත්වය දැනගැනීමට උත්සාහ දරමින් සිටියහ. ඔවුන් චෝදනා කළේ තමන්ගේ ඥාතීන් ගැන නිශ්චිත තොරතුරක් නොදෙන බවය. රෝහලට ගියද ඔවුනව බැලීමටද අවස්ථාව නොදුන් බවය.


කෙසේ වෙතත් ඇතිවූ කැරලිකාර තත්ත්වයත් සමග සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් බන්ධනාගාරය වෙත යැවීමට මීගමුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබුණි.


තත්ත්වය ඊයේ රාත්‍රිය වන තෙක්ම පැවති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන කණ්ඩායම්ද බන්ධනාගාරයට කැඳවා තිබුණි.


තුවාල ලැබූ රැඳවූවන් 34 දෙනාගේ නම් සහ ලිපිනයන්


01. ශානක ඒශාන්, අංක: 28, රුක්කත්තනගස් හන්දිය, බේස්ලයින් පාර, කදිරාන, මීගමුව,


02. අනුරාධ සිල්වා, අංක:481/8, ශ්‍රීලාල් අමරතුංග මාවත, කෝන්ගොඩමුල්ල, කටාන,


03. සවිඳු කුෂන් ප්‍රනාන්දු, අංක: 415/154, ඇටඹගහවත්ත, උතුරු කදිරාන, දෙමන්හන්දිය,


04. ලංකා ප්‍රසාද් එරංග ප්‍රනාන්දු, අංක: 372/බී, දූව, මීගමුව,


05. හේෂිත ප්‍රියශාන් සඳරුවන්, අංක: 92/17, පොතුවිල, මාදම්පෙ ,


06. ගිහාන් මධුවන්ත, අංක: 216/සී, සම්බීටා මාවත, යාගොඩමුල්ල, කොටුගොඩ,


07. අජිත් ඉන්දික කුමාර, ආරච්චිකට්ටුව,හලාවත,


08. තිලංග කසුන්, අංක 28/11, බණ්ඩාරවත්ත, කොච්චිකඩේ,


09. සජිත් පුබුදු කුමාර,නෑගම්පොල, රස්නායපුර,


10. නයන උදයකුමාර, අංක: 138, උතුරු බටගම, ජාඇල,


11. සජිත් නිරෝෂන්, අංක: 479/1, ශාන්ත ජෝශප් මාවත, වෙන්නප්පුව,


12. අසුරු ෂෙහාන් චතුරංග සිල්වා, අංක:34, හියුගෝ ප්‍රනාන්දු මාවත, මීගමුව,


13. ඩී.ඩී. චන්දන, අංක:439/4 ඒ, පිටිපනවත්ත, දිවුලපිටිය,


14. කොළඹගේ ඩිලක්ෂන පසිඳු පීරිස්, අංක: 469/9, සුබසාධක මාවත, කඳවල, කටාන ,


15. එරංග සම්පත්, අයි 64/බී, මැදනාත්තණ්ඩිය, නාත්තන්ඩිය, 16. දයාන් මධුශංක, අංක:25/ඒ, කටියල, දෙමන්හන්දිය,


17. ගොඩ්වාන් ක්ලාක්, අංක:48/6, පාතිමා පාර, වැලිහේන, කොච්චිකඩේ,


18. ජේ.කේ.මනෝජ් රොෂාන් පෙරේරා, තනිවැල්ලගම, මාදම්පෙ,


19. කොඩිකාරගේ අරුණශාන්ත, හැම්පැලැස්ස, පන්සල ඉදිරිපිට, නිකවැරටිය,


20. බී.එම්. ගයාන් සම්පත්, අංක 61/1, සුදර්ශන මාවත, කටුනායක,


21. කේ. ලහිරු දිල්ශාන් අප්පුහාමි, අංක:281/1, දළුවකොටුව, කොච්චිකඩේ,


22. ශෙහාන් මදුරංග, කරවිටාගාරය, හලාවත,


23. ජේ.ඒ. ගැමුණු දේශප්‍රිය, අංක:97/2, නැගෙනහිර කළුවාරිප්පුව, කටාන,


24. හරිඳු මාලක, ගඩොල්ගොඩවත්ත, නාත්තන්ඩිය,


25. සඳුන් නිර්මාල්, එස් 1/1, ගල්මංකඩ, කිඹුලාපිටිය,


26. ඉසංක (කොළඹ ජාතික රෝහලේ )


27.ගයාන් රංගන, අංක:129/1, තවලම්පිටිය,මීගමුව,


28. එම්.යෝගරාජා, අංක: 548/C, නුගවෙල පාර,මහහුණුපිටිය,


29. දිනේෂ් චතුරංග, අංක: 290 බී, කොරටිවත්ත, බටහිර කාක්කපල්ලිය, තඹගල්ල,


30. අශේන් මධුශංක,


31. ඇඳහිසපත් අංක: 54720 (කොළඹ ජාතික රෝහල ),


32. දිනේෂ්,


33. විමුක්ති, අක්කර.20, කුමාරකට්ටුව,


34. විමුක්ති සඳරුවන් නො.246/ඒ,පිනනකැලේ වත්ත දිවුලපිටිය යන රැඳවූවන් මෙලෙස තුවාල ලබා ඇත.


මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ.


බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.

 

More News..