ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
07 July 2026
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
07 July 2026
පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.
ඒ මෙවර ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟය.
ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවිය, ලෝක කුසලාන ජයග්‍රහණයකින් තොරවම අවසන් වීමට නියමිතය.
ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, බැලන්ඩෝර් (Ballon d'Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර, ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබේ.
ඔහු ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයාද වේ.

