එල්-නිනෝ ප්‍රබල වීමේ අනුපාතය 63%යි
02 July 2026 | සාලිය කුමාර ගුණසේකර
එල්-නිනෝ ප්‍රබල වීමේ අනුපාතය 63%යි
02 July 2026 | සාලිය කුමාර ගුණසේකර
එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව එය ප්‍රබල හෝ අති ප්‍රබලවීමේ සම්භාවිතාව සියයට 63ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය. මේ වනවිට පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතව දුර්වල එල්-නිනෝ තත්ත්වයක් වර්ධනයවී තිබෙන බවද ඔහු කීවේය.
මෙම තත්ත්වය නොවැම්බර් මාසය වන විටදී ප්‍රබලවීමේ හැකියාව පවතින බවත්, එල් -නිනෝ තත්ත්වයේ බලපෑම මත මෙම මස අගත්, ජූලි මාසයේදීත් මෙරට වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
මධ්‍යම හා නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් හඳුනාගත හැකි, නැවත නැවත ඇතිවන දේශගුණ රටාව එල් - නිනෝවක් ලෙස හැඳින්වේ.
දේශගුණික ආකෘතිවලට අනුව මේ වසරේ අග භාගයේදී ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව නිරීක්ෂණය කර ඇත.
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයයේදී පෙරේදා (30 වැනිදා) පළමු වරට පස්වරුවේ රැස්විය.
පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතිත්වයෙන් අමාත්‍ය අනු කමිටුව පත්කර තිබේ. විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ.
එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජූලි, අගෝස්තු මාස වලදී සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක්ද, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී සාමාන්‍යට වඩා වැඩි වර්ෂාපතනයක්ද, ලබන වසරේ (2027) ජනවාරි සිට අප්‍රේල් දක්වා සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අනුව, නොවැම්බර් මාසයේ සිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි වෙතැයි පුරෝකථනය කෙරේ.
ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩුවැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දෙනු ලැබීය.
1982-83, 1997-98, 2015-16 යන වර්ෂ වලදී ප්‍රබල එල් - නිනෝ තත්ත්වයන් උද්ගත විය.

