අවූරුදු 10 - 25 අතර තරුණයන් පුනරුත්තාපනයට යොමුවීමේ වර්ධනයක්
30 June 2026 | •වරුණි පෙරමුණ
අවූරුදු 10 - 25 අතර තරුණයන් පුනරුත්තාපනයට යොමුවීමේ වර්ධනයක්
30 June 2026 | •වරුණි පෙරමුණ
අවුරුදු දහඅටත් විසිපහත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් පුනරුත්ථාපනය සඳහා යොමුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව පුනරුත්ථාපන කාර්යාංශය සඳහන් කරයි.
එහි කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලයේදී පුනරුත්ථාපනය සඳහා සහභාගි වූ තරුණයන්ගේ ප්‍රතිශතය සියයට විසිහයක් (26%) බවයි.
අධිකරණ නියෝග මත පැමිණෙන පුද්ගලයන් සහ ස්වේඡාවෙන් පැමිණෙන පුද්ගලයන් පුනරුත්ථාපන කාර්යාංශය මගින් මෙලෙස පුනරුත්ථාපනය කරනු ලබයි.
2013 වසරේ සිට මේ දක්වා කාලයේදී පුනරුත්ථාපනය වූ පුද්ගලයන් දහදහස් තුන්සිය හැත්තෑදෙනකු (10370) සමාජ ගතවී ඇත.
ඔවුන් සමාජ ගතවූ පසුව ද වසර දෙකක කාලයක් පුනරුත්ථාපන කාර්යාංශය විසින් පසු විපරම් සිදුකරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අන්තරායකර ඖෂධ භාවිතයෙන් ඈත්වීම සඳහා සහායවීම, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම මගින් චර්යාත්මක වෙනසකට භාජනය කිරීම, ඔවුන්ගේ ජීවන වටපිටාව හා වාතාවරණය වෙනස් කිරීම මගින් අන්තරායකර ඖෂධවලට ඇබ්බැහිවීමෙන් මුදාගැනීම සහ සමාජගත වීමෙන් පසුව රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට හැකිවන පරිදි වෘත්තිය දැනුම ලබාදීම සඳහා මග පෙන්වීම පුනරුත්ථාපන කාර්යාංශය මගින් සිදුකරනු ලබයි.

