brand logo
logo
ඩෙංගු රෝගීන් 60,000 සීමාවට ආසන්නයි

ඩෙංගු රෝගීන් 60,000 සීමාවට ආසන්නයි

06 July 2026 | ශිරාන් රණසිංහ


ඩෙංගු රෝගීන් 60,000 සීමාවට ළඟා වෙමින් රෝගීන් 59,638 ක් හමුවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.


ඉකුත් 2025 වසරේදී ඩෙංගු රෝගීන් හමුවී තිබුණේ 50,000 ක් පමණි. මෙම වසරේ ඩෙංගු මරණ 39 ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඉකුත් දින හතරක කාලයේ දී පැය 24 ක් තුළ ​​ඩෙංගු රෝගීන් දහස ඉක්මවා හමුවීමට පටන් ගැනීමත් සමග ඩෙංගු අධි වසංගතයක් දක්වා පරිවර්තනය වීමට පටන් ගෙන ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.


ඉකුත් ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21546 ක් හමුවී ඇති අතර තාමත් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.


එම ගණන 31,249 කි. දෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් දකුණු පළාතෙන් හමුවී ඇති අතර එම ප්‍රමාණය 9507 කි. සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 5172 ක් හමුවී තිබේ.

 

More News..