ශිෂ්‍ය භික්ෂූන්ට මත් නිවාරණ වැඩමුළු
27 June 2026 | වරුණි පෙරමුණ
ශිෂ්‍ය භික්ෂූන්ට මත් නිවාරණ වැඩමුළු
27 June 2026 | වරුණි පෙරමුණ
දිවයින පුරා විහාරස්ථාන දොළොස් දහසක සහ පිරිවෙන් හත්දහස් පන්සියයක ශිෂ්‍ය භික්ෂූන් සහ දහම් පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවත්වීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තීරණය කර ඇත එහි අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල සතිඅග අරුණට ප්‍රකාශ කළේ පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන්, දහම් පාසල් ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම් වළක්වාලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.
පසුගිය කාලයේ තායිලන්තයේ සිට මෙරටට පැමිණි භික්ෂුන්වහන්සේ විසිදෙදෙනකු කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවරමක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙරට අත්අඩංගුවට පත්විය.
එසේම දහම් පාසල් සිසුන් අතරද මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුවූ අය සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.
මෙම තත්ත්වයන් සලකා බලා විහාරස්ථාන, පිරිවෙන් සහ දහම් පාසල් තුළ මෙසේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කර තිබේ.

