මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 12ක් කුරුණෑගලදි අල්ලයි
03 July 2026
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 12ක් කුරුණෑගලදි අල්ලයි
03 July 2026
රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන් 108 කු අතරින් පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර 12 දෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව තහවුරු වී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතා පැවසුවේ, එම රියැදුරන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය, කුරුණැගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය සහ කුරුණෑගල කොට්ඨාශයේ රථවාහන අංශයේ නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.

