රන් මිල රුපියල් 3000කින් ඉහළට
26 June 2026
රන් මිල රුපියල් 3000කින් ඉහළට
26 June 2026
මෙරට රන් මිල ගණන් අද (26) දිනයේ ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.
කැරට් 24ක රන් පවුම ඊයේ (25) දිනයේ රුපියල් 376,000 කට අලෙවි වූ අතර, අද එය රුපියල් 3000 කින් ඉහළ ගොස් රුපියල් 379,000 කට අලෙවි වේ.
ඒ හා සමානව, ඊයේ (25) කැරට් 22 රන් පවුම රුපියල් 346,000 කට අලෙවි වූ නමුත් දැන් එය රුපියල් 2700 කින් ඉහළ ගොස් රුපියල් 348,700 කට අලෙවි වේ.
මේ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 47,375 ක් වන අතර කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 43,587 ක් වන අතර අලෙවි කරනු ලැබේ.

