brand logo
logo
 රජයේ රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පුරප්පාඩු දහසක්

රජයේ රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පුරප්පාඩු දහසක්

30 June 2026 | ශිරාන් රණසිංහ



වසර තුනහමාරක කාලයක් තිස්සේ රජයේ රෝහල්වලට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් බඳවා නොගැනීම හේතුවෙන් මේ වනවිට පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් පැවැසීය.


 මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන සිටින පන්සියයකට අධික පිරිසක් සිටියදී ඒ අය බඳවා නොගැනීම නිසා එම වෘත්තීය අධ්‍යාපනය නිමකර සිටින අයද දැඩි කලකිරීමකට පත්ව සිටින බවද ඔහු කීවේය.


2015 වසරේදී අවසන් වරට රෝහල් පද්ධතියේ සේවක සංගණනයක් සිදුකළද වසර 11 ක් තිස්සේ රෝහල්වල පුරප්පාඩු පිළිබඳ සොයා බැලීමක් කර නැතැයිද ඔහු සඳහන් කළේය. 2015 වසර වනවිට රජයේ රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් 361 දෙනකුගේ පුරප්පාඩු පැවැති බවත් ඒ සඳහා බඳවා ගැනීමට ඒ වනවිට විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා සිටි 347 දෙනකු අතර තරග විභාගයක් පැවැත්වීමට යාමෙන් එම කටයුතුද සම්පූර්ණයෙන් නතර වී ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 

More News..