brand logo
logo
2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

07 July 2026



2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ ප්‍රථම සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.


නිවාස හා ජනාවාස සංවර්ධනය සම්බන්ධ ගැටලු, විකල්ප විසඳුම් හා නව ප්‍රවණතා පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කරවීමත්, ජාතික මට්ටමේ සංවාදයක් ගොඩනැගීම තුළින් ඒ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීම හා එකී ප්‍රයත්නයන්ගේ ප්‍රතිලාභ කඩිනමින් සියලු ජනතාව වෙත ළඟා කර දීමත් අරමුණු කර ගනිමින් ලෝක ජනාවාස දිනය සමරනු ලැබේ.


2026 ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 දිනට යෙදී ඇති අතර, එහි තේමාව 'Adequate Housing for all' ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතනය වශයෙන් නිවාස විෂය භාර අමාත්‍යාංශය විසින් අදාළ අමාත්‍යාංශ හා සියලුම ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙවර ද ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ.



 

More News..