brand logo
logo
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

06 July 2026


මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.


අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි දෙයක් හට ගැනීම නිසා එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය.


කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.


“එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා. මියගිය අයගේ පවුල්වල අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. අපි එතැනට ගිහින් වෙලා තියෙනව දේ හොයලා ඉදිරියේ දී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි.”


 

More News..