අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
03 July 2026
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
03 July 2026
අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා රුපියල් 4,386,219ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ෆේස්බුක් හා ටෙලිග්‍රෑම් හරහා සබඳතා ගොඩනගා ගනිමින් මෙම වංචා සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු විසින් රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ හයදහස් දෙසිය දහනමයක් වංචා කර එම මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවද හෙළිවී ඇත.
සැකකරු වයස අවුරුදු 23 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරයි.

