brand logo
logo
අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක්

අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක්

28 June 2026



ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේ, එවැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, හැකි ඉක්මනින් ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙසයි


අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දෙයි.


ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය විසිනි.


රුපියල් 3000ක්ව පැවති එම දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට සහ දීමනාව හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමට ද තීරණය කර තිබේ.


ඒ අනුව මේ වන විට 'අස්වැසුම' ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790 කට සහ තැපැල් කාර්යාල මගින් 232,496 පිරිසකට මේ වන විට වැඩිහිටි දීමනාව ලබා දෙනු ලැබේ.

නමුත්, ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි

 

More News..