brand logo
logo
මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදි 30ක් සහ ටිපර් රථ 20ක් පොලිස් භාරයට

මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදි 30ක් සහ ටිපර් රථ 20ක් පොලිස් භාරයට

28 June 2026


මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදුණු යතුරුපැදි 30ක්, ටිපර් රථ 20ක් පොලිස් භාරයට ගැනීමට කිලිනොච්චිය පොලිසිය කටයුතු කර තිබේ.


ඒ, කිලිනොච්චිය පොලිසියේ රථවාහන අංශය විසින් ඊයේ (27) සහ අද (28) ක්‍රියාත්මක කර තිබූ විශේෂ මෙහෙයුමේදීය.  


නිසි ලේඛන නොමැති වීම, බලපත්‍ර කල්ඉකුත්වීම, අංක තහඩු නොමැතිවීම සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදීම ආදී වැරදි සම්බන්ධයෙන් මෙම යතුරුපැදි සහ ටිපර් රථ පොලිස් භාරයට ගෙන ඇත.


මහජනතාවට හිරිහැර වනපරිදි සහ රථවාහන නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදීත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසයි.  


පොලිස් භාරයට ගත් රථවාහන සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

 

More News..