ගෝලීය සූපවේදීන්ගේ තරගයකින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
28 June 2026
ගෝලීය සූපවේදීන්ගේ තරගයකින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්
28 June 2026
2026 කීර්තිමත් "SCO ගිම්හාන" සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.
පසුගිය පසුගිය 26–27 දෙදින තුළ චීනයේ Qingdao හි පැවති මෙම තරගයට චීනය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය සහ අසර්බයිජානය යන රටවලින් දක්ෂ සූපවේදීන් සහභාගීව සිට ඇත.
චීනයේ බෙයිජිං නුවර පිහිටි එකම ශ්‍රී ලාංකික අවන්හල වන සින්නාරා අවන්හල නියෝජනය කරමින් එහි ප්‍රධාන සූපවේදී නිෂාඩ් සමරනායක සහ සහායක මනෝජ් ලියනගේ මෙම තරගයට එක් ව තිබුණි.
එහිදී ඔවුන් කිරිබත් සහ පොල් රොටී ඇතුළු ලාංකික ආහාර වර්ග ඉදිරිපත් කරමින් ඉහළ පෙළේ චීන සූපවේදීන්ගේ සහ ජාත්‍යන්තර ආහාර විශේෂඥයන්ගේ ඇගයීමට ලක් විය.
චීනයේ පළමු ජාත්‍යන්තර මට්ටමේ සූපවේදී තරගයකින් ශ්‍රී ලංකාව මෙවන් ජයග්‍රහණයක් ලබා ඇත්තේ වසර 15 කට පසුවය.
ශ්‍රී ලාංකික ආහාර ප්‍රවර්ධනයට, රට සතු පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා මාවත සකස් කිරීමට මෙමගින් අවස්ථාව උදා වූ බව ජයග්‍රාහී කණ්ඩායම අදහස් දක්වමින් කියාසිටියේ.

