brand logo
logo
භූමිතෙල්වලින් ධාවනය කළ බස් රථ 4ක් පොලිස් භාරයට

භූමිතෙල්වලින් ධාවනය කළ බස් රථ 4ක් පොලිස් භාරයට

08 July 2026



ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථ හතරක් සිය භාරයට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය කටයුතු කර තිබේ.


අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලංකාදේව මහතා ඇතුලු නිලධාරීන් ඊයේ (7)පස්වරුවේ සිදුකළ හදිසි මෙහෙයුමකදී මෙම බස් රථ සිය භාරයට ගෙන ඇත.


මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ, ගාල්ල - කොළඹ සහ අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ග දෙකේ ධාවනය කළ බස් රථ හතරක් බව පොලීසිය පැවසීය.‍


මෙම බස් රථවලින් ඇතැම් බස් රථ මුලුමනින්ම ධාවනය කර ඇත්තේ භූමිතෙල් පමණක් යොදා බවත්, තවත් බස් භූමිතෙල් කලවම් කර ධාවනය කර ඇති බවත් මේ වැටලීමේදී අනාවරණය වී ඇත.


භූමිතෙල් යොදා ධාවනය කරනු ලැබූ මේ මගී පවාහන බස් රථ හතරේ රියදුරන්ව බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 

More News..