ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
27 June 2026
ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
27 June 2026
බහරේන රාජ්‍යය ඉලක්ක කරගනිමින් අද (27) අලුයම ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවත්, ඒවා ඉරානය විසින් දියත් කරන ලද ප්‍රහාර බවත් බහරේන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ.
එම ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දකිමින් බහරේන විදේශ අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙමඟින් තම රටේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය තම සිවිල් වැසියන්ගේ ජීවිත සෘජුවම අනතුරේ හෙළීමක් බවත්, සමස්ත කලාපීය සාමය සහ ස්ථාවරත්වය මුළුමනින්ම අඩපණ කරන්නක් බවත් බහරේන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර එල්ල වූ නිශ්චිත ස්ථාන හෝ ඉලක්ක කරන ලද ස්ථානවල ස්වභාවය පිළිබඳව බහරේන බලධාරීන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය කර නොමැති අතර, ඩ්‍රෝන යානා තම භූමිය ඉලක්ක කරගනිමින් පැමිණි බව පමණක් තහවුරු කර ඇත.

