brand logo
logo
 වනාතවිල්ලුවේදි දියේ ගිලී පාසල් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

වනාතවිල්ලුවේදි දියේ ගිලී පාසල් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

30 June 2026


වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.


පොලීසිය පැවසුවේ විල්ලුවේ මල් කැඩීම සඳහා සිසුන් 05 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර ඔරුව පෙරළීයාමෙන් සිසුන් පිරිස දියේ ගිලී ඇති බවය.


ඒ අතරින් එක් සිසුවෙකු මුදාගෙන ඇති අතර දියේ ගිලුණු සෙසු සිසුන් සියලුදෙනා වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර ඇත.


ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුන් තිදෙනෙකු පුත්තලම රෝහලට මාරුකර යවා ඇති අතර ඔවුන් එහිදී මියගොස් ඇති බවද පොලිසිය පැවසුවේය.


මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.


 

More News..