brand logo
logo
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි  පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත් කෙරේ

02 July 2026

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ ඇත.


ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරුවේ පිළිගන්වන ලදී. 


ExecutiveBranchජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකරනු ලැබ තිබේ.

 

More News..