අධිකරණයට රැගෙන ආ පිල්ලයාන්ට ලැබුණු තීන්දුව
30 June 2026
අධිකරණයට රැගෙන ආ පිල්ලයාන්ට ලැබුණු තීන්දුව
30 June 2026
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මඩකලපුව මහේස්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ කරුණු පසුගිය 15 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, අදාළ නඩුව කැඳවන ඊළඟ අවස්ථාවේදී මෙම ඝාතනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ බව සඳහන්ය.
ඒ අනුව ඔහු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අවට ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.

