ජීවිතයෙන් දිනූ මිනිසෙකු හමුවීමට පැමිණි පුංචි හදවත්
27 June 2026
ජීවිතයෙන් දිනූ මිනිසෙකු හමුවීමට පැමිණි පුංචි හදවත්
27 June 2026
හෝමාගම, වැලිපිල්ලෑව ශ්‍රී සද්ධර්මදීප දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දූ දරුවන් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හා සාර්ථක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ කාර්යාලයට පැමිණ තිබේ
.
ඒ දේශපාලන හමුවක් සඳහා නොව, තම ජීවිතයේ කැපවීමෙන් හා උත්සාහයෙන් ජයග්‍රහණය කළ ව්‍යවසායකයෙකු හමුවී ඔහුගේ අත්සනක් ලබාගැනීමටය.
එහිදී පුංචි දරුවන් දිලිත් ජයවීර මහතාගේ අත්සන ලබාගැනීමට උනන්දුවෙන් පොරකන ආකාරය සැබැවින්ම සංවේදී දසුනක් විය.
අත්සන පමණක් නොව, සෑම දරුවෙකුගේම නම සඳහන් කරමින් ඔවුන්ගේ පොත්වල මෙසේ සටහන් කළේය:
"යහපත් අනාගතයක්!"
එය අත්සනකට වඩා, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තැබූ සුබ පැතුමක් හා ආශීර්වාදයක් බවට පත්විය.

