brand logo
logo
මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙතට

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙතට

09 July 2026


මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.


බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවය.


අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද ඒ අතර වන බව සඳහන්ය.


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරතව වී සිටියහ.


කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර ක්‍රමානුකුලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය.


මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර බන්ධනාගාරවල තිබෙන පහසුකම් පිළිබඳ සොයා බලා එම මාරු කිරීමේ කටයුතු සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


තවදුරටත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රැඳවා සිටින බව වාර්තා වේ. 


මේ අතර අගුණුකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් තිදෙනෙකු මියයාමේ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 


පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ බන්ධනාගාර අයත් පොලිස් ස්ථාන මඟින් එම විමර්ශන ආරම්භ කරන බවය.


අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට සහ බූස්ස බන්ධනාගාරයට පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිට මාරු යැවූ රැඳවියන් දෙදෙනෙකු හදිසියේ ඇති වු අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි. 


වැලිඩක බන්ධනාගාරයේ ද රැඳවියෙකු සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. 


අදාළ මරණ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළේය.

 

More News..