හෙරොයින් සමඟ "දෝණී" අත්අඩංගුවට
05 July 2026
හෙරොයින් සමඟ "දෝණී" අත්අඩංගුවට
05 July 2026
එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කලක පටන් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි, "දෝණී" නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟ එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ, අංක 71 , පත්කොළවැටිය, එප්පාවල ලිපිනයේ පදිංචි සුරේඛා දිපානී හෙවත් දෝනී යන අන්වර්ථ නාමයෙන් හදුන්වන දියණියන් දෙදෙනෙකු සිටින මවකි.
එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස් අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් පිරිසක්, එප්පාවල පත්කොළවැටිය ගම්මානයේ පිහිටි ඇයගේ නිවස හදිසි වැටලීමකට ලක් කර ඇත.
එහිදී සැකකාර කාන්තාව ඇද සිටි ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 2.450 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් මෙම කාන්තාවට මීට පෙරද නීති විරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි 10 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි.
සැකකාරිය ඊයේ (04) දින තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

