brand logo
logo
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට

මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට

26 June 2026

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් "මාටියා" නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ ඔහු මැලේසියාවේ රැඳීසිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්තාවේදීය.


අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගිය බව පොලීසිය පැවසීය.


සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබු බව සඳහන්ය.

පසුගිය 2022 වසරේ ජූලි මස 22වන දින ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළ දී පස්පොඩ්ඩා නැමති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමග සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කර එහි රැදී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාළ සිදු කිරීම මොහුට එරෙහිව වන චෝදනාවක් වෙයි.

 

More News..