brand logo
logo
 වගා ළිඳකට වැටී මව සහ දියණිය අවසන් ගමන් යයි

වගා ළිඳකට වැටී මව සහ දියණිය අවසන් ගමන් යයි

29 June 2026



ගලේවෙල, තෙන්නකෝන්පුර තුබාර වැවේ වගා ළිඳකට වැටීමෙන් සිදුවු අනතුරකින් මවක සහ දියණියක මියගොස් තිබේ.


අනතුරට පත් මව ඇයගේ පුත්‍රයා මසුන් ඇල්ලීම සඳහා තුබාර වැවට ගොස් යළි නොපැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් ඔහු සොයා බැලීමට දියණිය ද රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.


එහිදි තුබාර වැවේ කපා තිබු වගා ළිඳට එම මව සහ දියණිය වැටී මෙලෙස මියගොස් ඇති බව සඳහන් වෙයි.


මියගොස් ඇත්තේ 45 හැවිරිදි මවක සහ ඇයගේ 10 හැවිරිදි දියණිය වන අතර ඔවුන් තලකිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

More News..