කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශන සිදුකරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි
28 June 2026
කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශන සිදුකරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි
28 June 2026
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය කොට පරීක්ෂා කර වාර්තා කිරීම සදහා පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය.
එහි කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර අදාළ කොමිෂන් සභාවේ කාර්යයන් ඉටු කර එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සදහා කොමිෂන් සභාවේ කාලය දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සාපරාධී ලෙස විශ්වාස කඩ කිරීම්, දේපල සාපරාධී ලෙස පරිහරණය ආදී විමර්ශනය කිරීම මෙම කොමිසම වෙත පැවරී තිබුණි.
හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ.ආර්.එම්.එස්.එච් ඒකනායක, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම කොමිෂන් සභාවේ සමාජිකයින් ලෙස පත්කර ඇත.

