Update : වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරේ
03 July 2026
Update : වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරේ
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

