brand logo
logo
ප්‍රංශය සහ මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රංශය සහ මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

05 July 2026


2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා මොරොක්කෝව සහ ප්‍රංශය යන කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා ලදී.


එහිදී 16 දෙනාගේ වටයේ කැනඩාව සමඟ පැවති තරගය ගෝල තුනට බින්දුවක් ලෙස ජයගැනීමට මොරොක්කෝව සමත්විය.


තරගයේ 50 සහ 82 වන විනාඩියේදී අසඩීන් උනාහි මොරොක්කෝව වෙනුවෙන් ගෝල රැස්කළේය.


සෞෆින් රහීමි 98 වන විනාඩියේදී තවත් ගෝලයක් රැස්කිරීමට සමත් විය. 


ඒ අනුව 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්, පළමු කණ්ඩායම ලෙස මොරොක්කෝව සැලකේ.


මේ අතර 16 දෙනාගේ වටයේ පැරගුවේ කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල එකට බින්දුවක් ලෙස ජයගත් ප්‍රංශය කණ්ඩායම ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.


තරගයේ 70 වන විනාඩියේදී දඬුවම් පහරක් ගෝලයක් ලෙස පරිවර්තනය කරගැනීමට ම්බාප්පේ සමත්විය.


ඒ අනුව තරගය ගෝල එකට බින්දුවක් ලෙස ප්‍රශංය ජයගත්තේය.


මොරොක්කෝව සහ ප්‍රංශය යන කණ්ඩායම් පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී එකිනෙකා ජුලි 10 වෙනිදා හමුවීමට නියමිතය.

 

More News..