තලගල ඔයට බස්රථයක් පෙරළෙයි
08 July 2026
තලගල ඔයට බස්රථයක් පෙරළෙයි
08 July 2026
නුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් නුවරඑළිය ග්‍රෙගරිවැව ආසන්නයේ, තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදු වී තිබේ.
Grains& Pastaනුවරඑළියේ සිට නුවරඑළිය ශාන්තිපුර දක්වා ධාවනය වන මෙම පෞද්ගලික බස් රථය ගාල් කිරීමට යෑමේ දී රියදුරුගේ පාලනයෙන් මිදි තලගලඔයට පෙරළී මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවත් නුවරඑළිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.

