brand logo
logo
ඕස්ට්‍රේලියාව සමග අවසන් සටනට කණ්ඩායම තෝරන තරගය අද

ඕස්ට්‍රේලියාව සමග අවසන් සටනට කණ්ඩායම තෝරන තරගය අද

02 July 2026


එංගලන්තය සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (2 වැනිදා) සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.


මේ වන විට ලෝක කුසලාන 6ක ශූරියන් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විටත් එළැඹෙන 5 වැනිදා පැවැත්වෙන අවසන් සටනේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්ව ඇත. ඔවුන් සමග අවසන් මහා තරගයේ තරග වදින කණ්ඩායම 2009 වසර ⁣ලෝක ශූරියන් බවට පත් වූ එංගලන්තය ද, නැතහොත් අවසන් තරගාවලි⁣ දෙකෙහි අනු ශූරියන් බවට පත්වූ දකුණු අප්‍රිකාව ද යන්න අද තරගයෙන් තීරණය වනු ඇත.


ඔස්ට්‍රේලියාව, කොදෙව් පිල සමග පැවැති ප්‍රථම අවසන් පූර්ව තරගයේදී කඩුලු 8ක විශිෂ්ට ජයයක් හිමිකර ගනිමින් අවසන් තරග වරම් දිනා ගත්තේය. අද තරග වදින එංගලන්තය එක්වරක් ලෝක කුසලාන ශූරතාවද, තෙවරක් අනුශූරතාව ද හිමිකරගෙන ඇති අතර, දෙවරක් අනුශූරියන් බවට පත්ව ඇති දකුණු අප්‍රිකාව තවමත් ලෝක කුසලාන ශූරතාව හිමිකරගෙන නැත.

 

More News..