T20 කාන්තා ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට
06 July 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට
06 July 2026
T20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදි එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20 ලෝක ශූරියන් ලෙසින් අභිෂේක ලැබූහ.
ඒ අනුව 7වැනි වරටත් T20 ලෝක කුසලානය දිනූ ඔවුන්, තමන්ට අභියෝග කිරීමට වෙනත් කිසිදු කණ්ඩායමක් නොමැති බව යළිත් ලෝකය හමුවේ සනාථ කර සිටියේය.
අද අවසන් වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කර ඔස්ට්‍රේලියාවට තරමක අසීරු ඉලක්කයක් ලබාදුන්නේය.
කෙසේ නමුත් එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, තරගයේ සම්පූර්ණ පාලනය ඔවුන් අතට ගත්හ.
ඒ අනුව ඔවුන් සිය ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 17 වැනි පන්දුවාරයේදී පසුකර යෑමට සමත් විය.

