brand logo
logo
දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු පියවර ගන්නවා

දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු පියවර ගන්නවා

05 July 2026



කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 


ඇය මේ බව ප්‍රකාශ කළේ, බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ ඊයේ (04) පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 


එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අවසන් කරමින් සිටින බව ඇය අවධාරණය කළාය.


පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය සහ තාක්ෂණික පුහුණුවක් ලබාදීම රජයේ අනිවාර්ය ඉලක්කයකි.


විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන්ම, වෘත්තීය අධ්‍යාපනයත් එක හා සමාන ගෞරවයක් සහ වටිනාකමක් සහිත ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.


ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. 

 

More News..