ත්‍රිරෝද රථයක් බසයක ගැටෙයි - දෙදෙනෙක් මරුට
02 July 2026
ත්‍රිරෝද රථයක් බසයක ගැටෙයි - දෙදෙනෙක් මරුට
02 July 2026
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ බස් රථයක් හා ත්‍රීවිල් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීවිල් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් ඇති බව පයාගල පොලීසිය පවසයි.
ඊයේ (01) රාත්‍රී 12ට අනතුර සිදුව තිබූ අතර, අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු බරපතළ තත්ත්වයේ සිටින බව වාර්තා වේ.
කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්, කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පොළ් නවතා නැවත ගමන් ආරම්භ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය එකවරම බස් රථයේ ඉදිරිපස ගැටී අනතුර සිදුවන අයුරු බසයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුණි.
ත්‍රිරෝද රථයේ ගමන් කර තිබුණේ, එකම පවුලේ පිරිසක් වන අතර, 62 හැවිරිදි මිත්තණිය සහ 12 හැවිරිදි පිරිමි දරුවා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.
ත්‍රිරෝද රථය මියගිය දරුවාගේ සීයා විසින් පදවා ඇති අතර ඔහුද බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබේ. තවත් කාන්තාවකට සුළු තුවාල සිදුව තිබේ.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් සිරි නරඹා නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
බස් රථය බස් නැවතුම්පොළේ නවතා නැවත ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථය පෙරළී ගොස් බස් රථයේ ගැටී තිබේ. ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක පළ කරේ.
එම අතර අතරතුර සිදුවු අවස්ථාවේ බසයේ සිටි මගියෙකු බස් රියදුරාගේ වාහන බලපත්‍ර සහිත බෑගය සොරකම් කර ඇති අතර, සොරකම බස් රථයේ තිබූ CCTV කැමරාවක සටන්ව තිබුණි.

