brand logo
logo
 ඇල්පිටියේදී අත්අඩංගුවට ගන්න ගිය සැකකරුවෙකුට වෙඩි

ඇල්පිටියේදී අත්අඩංගුවට ගන්න ගිය සැකකරුවෙකුට වෙඩි

01 July 2026


ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු පොලීසියට පහර දී පලාගොස් තිබේ. 


ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලීසියට පහරදීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය අහසට වෙඩි තබා ඇති බව සඳහන්ය.


අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු ඔහු ලුහුබැඳ ගොස් තිබේ. 


පසුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වේ. 


ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුට වෙඩි තබා ඇති අතර සැකකරුගේ අතකට වෙඩි වැදී ඇති බව සඳහන්ය.


වෙඩි වැදුණු සැකකරුට අත්විලංගු දමා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් තිබේ. 


අදාළ පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසයි. 


සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තියුණු ආයුධයෙන් පහර කෑම කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

 

More News..