brand logo
logo
 පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

09 July 2026


පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නම බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ. 


බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.


මේ අතර පෙරේදා (07) දිනයේ දී ද ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. 


අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ, වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බවය.

 

More News..