බස් ගාස්තු වැඩි කිරීම කැබිනට්ටුවට
27 June 2026
බස් ගාස්තු වැඩි කිරීම කැබිනට්ටුවට
27 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. කැබිනට් මණ්ඩලය රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බවත් වැඩිවන ගාස්තු ප්‍රතිශතය ගැන තවමත් කිව නොහැකි බවත් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 01 වැනිදා සිදු කරන අතර ඒ සඳහා ඉන්ධන මිල, ලිහිසි තෙල්, ටයර්, බැටරි මිල ඇතුළු නිර්ණායක 12 ක් පාදක කරගනිමින් ගාස්තු වැඩිකිරීම තීරණය කරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ අගයකින් වැඩිවීම ඇතුළු කරුණු මත බස් ගාස්තුව සියයට 15 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බවද ඔහු කියා සිටියේය.
මේ වන විට අවම බස් ගාස්තුව රුපියල් තිහකි. උපරිම බස් ගාස්තුව රුපියල් දෙදහස් පන්සීයයකි. ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවීය. එම නිසා ගාස්තු සංශෝධනයක් කළ යුතු බව බස් සංගම් ද ඉල්ලා තිබුණි.

