මලල ක්‍රීඩා ආයතනයේ වැඩ හොඳ නැතැයි කියා ප්‍රබල පුරුකක් ගැලවෙයි
01 July 2026 | නදුන්ක නෙත්සර
මලල ක්‍රීඩා ආයතනයේ වැඩ හොඳ නැතැයි කියා ප්‍රබල පුරුකක් ගැලවෙයි
01 July 2026 | නදුන්ක නෙත්සර
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුනිල් ජයවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර මලල ක්‍රීඩා ආයතනයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බැවින් මෙම තීරණය ගත්බව ඔහු 'අරුණ' කළ විමසීමේදී සඳහන් කළේය.
සභාපති බිමල් විජයසිංහ ප්‍රමුඛ වත්මන් නිලධාරී මණ්ඩලය බලයට ගෙන ඒම සඳහා මූලිකත්වය ගත් සුනිල් ජයවීර සිය ඉල්ලා අස්වීම දින කිහිපයකට පෙර ලබා දී ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින්, "මේ කණ්ඩායම හැදුවෙ මම. මම මේ අයට ඡන්ද පදනම හදලා දුන්නා. අනතුරුව මට මේ තනතුර භාරගන්න ආරාධනා කළාම මම භාරගත්තා. නමුත් මෙතන මම නොදැනුවත්ව වැඩකටයුතු සිද්ධ වෙනවා. පරිපාලන, මූල්‍ය කටයුතු මම නොදැනුවත්ව වෙනවා නම් මම නාමිකව තනතුරක ඉඳලා තේරුමක් නැහැ. ඒ නිසා මේ තීරණය ගත්තා" යනුවෙන් සඳහන් කළේය.
මේ අතර සුනිල් ජයවීරගෙන් අනතුරුව උප සභාපති ජයන්ත සියමුදලි සහ තවත් අයවළුන් ඉල්ලා අස්වීම් භාරදී ඇතැයි පැවසෙන අතර මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයා ද නව පරිපාලනයේ පත්වීමෙන් මසක් පමණ ගතවද්දී ඉල්ලා අස්වීමට කටයුතු කළේය. පසුගියද දිනවල මලල ක්‍රීඩා සම්මේලනය විසින් විදෙස් තරගාවලි සඳහා සිදුකළ ක්‍රීඩක තේරීම් පිළිබඳව ද විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වීමද කැපී පෙනුණි.

