ප්‍රංශයේ ගුවන් අනතුරකින් 11දෙනෙකු මරුට
28 June 2026
ප්‍රංශයේ ගුවන් අනතුරකින් 11දෙනෙකු මරුට
28 June 2026
ඊසානදිග ප්‍රංශයේ ටොම්බ්ලේන් නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය අතර ගුවන් නියමුවා සහ මගීන් 10දෙනෙකු සිටින බවත්, එම මගීන් අතරට සිසුන් පස්දෙනෙකු සහ උපදේශකයන් පස්දෙනෙකු ඇතුළත් බවත් වාර්තා වේ.
පැරෂුට් පුහුණු පාසලකට අයත් මෙම ගුවන් යානය, නැන්සි-එසී ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ වහාම මෙලෙස අනතුරට ලක්ව ඇති බව ද සඳහන්.

