brand logo
logo
 සර්වජන බලය කෑගල්ල දිස්ත්‍රික් වෘත්තීය සමිති නියෝජිත හමුව පැවැත්විය

සර්වජන බලය කෑගල්ල දිස්ත්‍රික් වෘත්තීය සමිති නියෝජිත හමුව පැවැත්විය

28 June 2026

සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වෘත්තීය සමිති නියෝජිත හමුව අද සාර්ථකව පැවැත්විණි.


රටේ වත්මන් ආර්ථික, සමාජීය සහ කම්කරු ක්ෂේත්‍රයට අදාළ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා විමසීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.


මෙම අවස්ථාවට සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා, කෑගල්ල දිස්ත්‍රික් නායක සමන් එදිරිසිංහ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, පාක්ෂිකයින් මෙන්ම ප්‍රදේශයේ ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගී වූහ.


මෙහිදී වෘත්තීය සමිති ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග, සේවක අයිතිවාසිකම්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයේ වැදගත්කම සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර, ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.


මෙම හමුව සහභාගී වූවන්ගේ උද්යෝගිමත් දායකත්වය මධ්‍යයේ සාර්ථකව නිමාවට පත් වූ අතර, ඉදිරියේදී ද වෘත්තීය සමිති සහ විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් සමඟ මෙවැනි සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිත බව සංවිධායකයින් සඳහන් කළහ.

 

More News..