brand logo
logo
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ඉන්දියාව සහ ජපානය අතර විශේෂ එකඟතාවක්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ඉන්දියාව සහ ජපානය අතර විශේෂ එකඟතාවක්

03 July 2026


උපායමාර්ගික බොරතෙල් සංචිත පවත්වාගෙන යාම, ඛනිජ තෙල් ගබඩා පද්ධති සහ සමුද්‍රීය බලශක්ති ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවකට පැමිණ තිබේ.


ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචිගේ ඉන්දීය තෙදින නිල සංචාරය අතරතුර, ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශය සහ ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයක මේ බව දැක්වෙයි.


භූ දේශපාලනික තත්ත්වය තුළ දිනෙන් දින ඉහළ යන බලශක්ති අවිනිශ්චිතතාව හමුවේ තම බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණු බවද දෙපාර්ශ්වයම පෙන්වා දෙයි.


ආසියාවේ වැඩිම බලශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරන ආර්ථිකයන් දෙකක් ලෙස තමන් සතු භූමිකාව හඳුනා ගනිමින්, උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත සහ හදිසි අවස්ථා කළමනාකරණ යාන්ත්‍රණයන් පිළිබඳ සමීප සහයෝගීතාවයක් තුළින් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමට දෙරටම සූදානමින් පසුවෙයි.


එසේම, වෙළෙඳපොළ තොරතුරු හුවමාරු කරගැනීම වැඩිදියුණු කිරීම, තෙවන පාර්ශ්වීය රටවලින් ස්ථාවර බලශක්ති සැපයුම් ලබාගත හැකි මාර්ග ගවේෂණය කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ මුල් පෙළේ ආයෝජන දිරිගැන්වීම මඟින් බලශක්ති පරිභෝජනය කරන රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමටද දෙපාර්ශ්වය එකඟවී තිබේ.

 

More News..