සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
28 June 2026
සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
28 June 2026
සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.
සෞදි අරාබියේ ප්‍රධාන තෙල් සමාගමක් වන 'ඇරම්කෝ' (Aramco) සමාගමට අයත් හෙලිකොප්ටර් යානයක් අද(28) උදෑසන රස් තනූරා ප්‍රදේශයේදී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.
මේ අතර මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වෙයි.
අද උදෑසන 6ට පමණ සිදුවූ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

